gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතිර සටනින් ජය ලැබූ අපේක්ෂකයන්ට ලබන සතියේ වෙන දේ මෙන්න

පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කරන බවයි.

මේ අතර සමානුපාතික ක්‍රමයට ලැබුණු  ආසනවලට සුදුසු මන්ත්‍රීවරුන් පත් කරගත යුතු බව පැෆ්රල්
සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියා.

මේ අතර, මෙවර තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව පළාත්පාලන ආයතනවල පවතින ඉඩකඩ නිර්මාණය කරගැනීම සඳහා ඊට අදාළ උපදෙස් පළාත් සභාවලට ලබාදී ඇති බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ මේ වනවිටත් ඊට සුදුසු ස්ථාන පළාත් සභා විසින් නිර්මාණය කර ඇති බවයි.

තේරී පත්වූ මන්ත්‍රීවරුන් අනුව රැස්වීම් පැවැත්වීම සඳහා පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂකයින් පසුගියදා ප්‍රකාශ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka