gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන්ට හෙට ලැබෙන තීරණය

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවෙක් බවට පත්ව දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලසීමාව හෙටින් (15) අවසන් වනවා.

ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස
කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නොතීසි නිකුත් කළේ පසුගිය 05 වනදායි.

ඒ, සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට දින 10 ක කාලසීමාවක් ලබාදෙමින්.

කෙසේ වෙතත් ඔහු මේ වනතෙක් මෙරටට පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මොවුන්ගෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව ඊයේ (13), අද (14) සහ හෙට (15) ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අවසරයක් ද ලබාදුන්නා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka