gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවසන් රැළිවලදී ගහපු තුරුම්පු

රට බෙදා වෙන්කිරීමට හෝ විකිණීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

රට වඩාත් සුන්දර තැනක් කිරීීමට තමන් කැපවන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ ශි‍්‍ර ලංකා
නිදහස් පක්ෂය පොළොන්නරුවේ ඊයේ (07) පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියේදියි.


රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ආර්ථික පසුබිම ඉකුත් වසර තුනේදී ඇති කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය කොළඹදී ඊයේ (07) පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියේදීයි.

සංවර්ධනය බිම් මට්ටමට ගෙන යාම සඳහා ඉදිරියේදී තවත් කී‍්‍රයාමාර්ග කිහිපයක් ගනු ලබන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



බොරු කියමින් ආණ්ඩුව, රට මුලා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා පවසනවා.

රට සංවර්ධනය කිරීමට හැකි බව කි‍්‍රයාවෙන් ඔප්පු කිරිීමට ආණ්ඩුව ඉකුත් වසර තුනේදී අසමත් වූ බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ හෝමාගමදී ඊයේ (07) පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියේදීයි.


ගමේ බලය වංචනිකයන්ට හෝ දූෂිතයන්ට ලබා නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මහරගම ඊයේ පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියේදී එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ අදහස් පළ කළා.

ජනතා විශ්වාසය රැක ජනතා සේවය ඉටු කිරීමට මෙතෙක් රට පාලනය කළ කිසිවෙකුට නොහැකි බවද ඒ සඳහා හැකියාව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඊයේ (07) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කිසිඳු ප්‍රචාරක කටයුත්තක් සිදුකල නොහැකි අතර ඡන්ද දායකයින්ට බලපෑම් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණා.

මෙම නීතිය 11 වැනිදා දක්වාම ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ එවැනි ක්‍රියාවන් සිදුනොකරන ලෙසට සියලුම අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.

නීති කඩකරමින් එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පොලිසිය දන්වා සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka