gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිහඬ කාලයට මුල්තැන දෙන්න.. අද මැදියම් රැයෙන් පසු කඩවන නීතිය පහදන කොමිසම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සියලූ ප්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. ඒ අනුව අද සිට ලබන 10 වනදා තෙක් ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි.

මේ ඒ සම්බන්ධයෙන්  පැහැදිළි කළ අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් කියා සිටියේ මැතිවරණ
ප්‍රචාරක රැළි පැවැත්වීම, ගෙහින් ගෙට ගොස් ඡන්දය ආයාචනා කිරිම, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරන කටයුතුවල නිරත වීම සහ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදුකිරිම අද (07) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් කළ යුතු බවයි.

පළාත් පාලන මැතිවරණ ආඥා පනත ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රචාරක කටයුතු අද සිට නතර කිරිම සාධාරණ මැතිවරණයක් සඳහා ඉතා වැදගත් බවයි මෙහිදී පෙන්වාදුන් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ අපේක්ෂකයන් එසේ කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බවයි.

නීති උල්ලංඝණය කරමින් ප්‍රචාරක කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka