gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරට කෝටි දෙකක මාරු කාසි

මාරු කාසි වෙනුවට උතුරේ වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට ටොෆි,චොක්ලට් හා ගිණිපෙට්ටි ලබා දීම බහුලව සිදුවන බැවින් උතුරු පළාත් බැංකු සදහා මෙම මස පළමුවැනිදා සිට රුපියල් කෝටි දෙකක් වටිනා මාරු කාසි ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

පසුගිය කාලයේ රුපියල් 10,5,2 අගයෙන් යුතු මාරු කාසිවල දැඩි හිඟයක්
පැවති අතර මෙම මාරු කාසි හිඟයට හේතුවී ඇත්තේ කෝවිල්වල පිං කැටවලට දමන අති විශාල මාරු කාසි ප්‍රමාණය ආපසු නොලැබීමත් ළමයින් හා වැඩිහිටියන් කැටවලට මාරු කාසි දැමීම නිසා ඒවා ආපසු බැංකුවලට ලැබීම ප්‍රමාද වීමත් නිසා බව පැවසේ.

මීට අමතරව පිත්තලවලින් නිපදවා ඇති රුපියල් 5 මාරු කාසිය උණු කොට ඇතැමුන් මාල තැනීමද,රුපියල් 10 විශේෂ කාසියේ දිස්ත්‍රික්කවල වැදගත්කම කාසියේ සදහන් බැවින් ඒවා පාසල් ළමුන් අධ්‍යාපන කටයුතු සදහා ළඟ තබා ගැනීමද උතුරේ මාරු කාසි හිඟයට හේතුවී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka