gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව විස්සයි විස්ස නායකයා නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා ඇත.

පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර දකුණු පාදයේ
ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් නැවතත් දිවයිනට පැමිණි අතර මෙම ආබාධය ඔහුට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දැඩි බාධාවක් වී ඇත.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ නායකත්වය ද දැරීමට සිදු වූ අතර මෙම මස 15 සහ 18 දෙදින පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙක සඳහා ද කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ඔහුට පැවරී ඇත.

චන්දිමාල් අවසන් වරට පන්දුවාර 20 තරගයක් සඳහා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වන අතර එම අවස්ථාවේ දී ද ඔහුට කණ්ඩායමේ නායකත්වය දැරීමට සිදු වූයේ එහි දී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම නිසාය.

“අපිට මැතිව්ස්ව මේ තරග දෙකට ක්‍රීඩා කරවලා අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. අපේ සැලසුම ඊළඟ මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය සඳහා ඔහුව රැගෙන එන එක.” Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ලැබ්රෝයි පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka