gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයට ත්‍රිවිධ හමුදාවේ 6200ක බලකායක්

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු ඡන්ද පොළවල් 155ක් ඉලක්ක කරගෙන රාජකාරියේ යොදවන බව හමුදා මුලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව අවශ්‍යතාවයක් වුවහොත් රාජකාරී කටයුතු සඳහා කැඳවීමට
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6200ක් සූදානම් කර තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

යම් යම් සිදුවීම් සිදුවිය හැකි බවට හඳුනාගත් මධ්‍යස්ථාන 155ක් සඳහා අමතර ආරක්ෂාව ඉල්ලා තිබෙන බවත්, මේ අනුව නාවික හමුදා සාමාජිකයන් 74ක්, ගුවන් හමුදා සාමාජිකයන් 51ක් සහ හමුදා සාමාජිකයන් ඇතුළු 855 දෙනෙකු ඊයේ (08) සිට රාජකාරී කටයුතුවලට යොදවන බවත් ඔහු පවසා සිටියේය.

සුදානමින් තබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6200ක ප්‍රමාණය තුළ නාවික හමුදා සාමාජිකයන් 558ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 443ක්ද ඇතුළත් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka