gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මඟුල් ඇල්බමයත් සමඟ එන මරුවා

මෑතක සිට වෙඩින් ඇල්බම් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන සින්තටික් මුද්‍රණ කඩදසිය මරු කැන්දන දරුණු පිළිකාකාරකයක් බව හඳුනාගෙන තිබේ.ඡායාරූපකරණයේ යෙදෙන කිහිප දෙනෙක් ඇල්බම් මුද්‍රණය සඳහා ඉන්දියාවට යාමට පටන් ගැනීමත් සමඟ මෙම කඩදාසි භාවිතය ලංකාවේද ව්‍යාප්ත වී ඇත.

වෙඩින් ඇල්බම් නිර්මාණයේදී තරඟකාරී මිලක් ලබා දීම සඳහා ඡායාරූප
ශිල්පීන් මෙහි වාසි පෙන්වා දෙමින් අඩුමිලට මෙම සින්තටික් කඩදාසිය යොදා ඇල්බම් නිර්මාණය කරයි.

මෙම කඩදාසි සාමාන්‍ය කඩදාසි මෙන් ඉරිය නොහැකිය. බරින්ද අඩු අතර වතුර වැටුණද පෙඟෙන්නේ නැත.මෙය Polyethylene Terephthalate ( PET) නම් මූලද්‍රව්‍ය යොදාගෙන නිපදවා තිබේ.පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍ය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට හානි සිදුවන බව සොයාගෙන තිබේ.මෙම සිතටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ මෙහි ඇති අමුද්‍රව්‍ය සංයෝගයන් අධිග්‍රහණය පෙනහළු , ස්නායු පද්ධතියට මෙන්ම ශ්ලේෂ්මල පටලයටද ඉතාම අහිතකර බවයි.

තවද මෙය සමෙහි තැවරීම මෙන්ම ඇස්වලටද උපද්‍රවකාරී බව තහවුරුවී ඇත.

මෙම කඩදාසිය කෙටිකාලීන එළිමහන් පුවරු සඳහා පමණක් යොදා ගන්නක් වන අතර වෙඩින් ඇල්බම් වැනි ජීවිතකාලයම පරම්පරා ගාණක් ළඟ තබාගන්නකට කිසිසේත් යොදා නොගනී. තවද මෙය අවුරුදු 10 ක් වැනි කාලයකදී වර්ණ වෙනස්වීමකට ලක්වන බවද හෙළිවී තිබේ.

බොහෝවිට මේ පිළිබඳව ඡායාරූප ශිල්පීන් පවා හරිහැටි නොදන්නවා විය හැකිය. අඩු මුදලින් වෙඩින් ඇල්බම් කරන්න ගොස් තමන්ගේ පමණක් නොව හෙට ඉපදෙන දරුවන්ගේ පවා ජීවිතය මරු කටේ නොතබා සැවොම එක්ව මේ පිළිබඳව දැනුවත් විය යුතුව ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka