gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිව්දෙනෙකුට මරු කැඳවූ කොකාවිල් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර

මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ..

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකු
කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සියලුදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තොරතුරු අනාවරණ වී ඇත.

මහනුවර යාපනය මාර්ගයේ යාපනය දෙසට ධාවනය වූ වැන් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මාන්කුලම් පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka