gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොක්කාගේ නිවසේදී කෝප්‍රල් දිවිනසා ගනී

ඇල්පිටිය බටපොළ ප්‍රදේශයේ පිහිටි යුද හමුදාවේ උසස්‌ නිලධාරියකුගේ නිවසේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළකු ගෙළ වැළලාගෙන මියගොස්‌ ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ දිවි හානි කරගෙන ඇත්තේ දෙවැනි ශ්‍රී ලංකා යුද හමුදා සේවා
බළකායේ සේවය කළ මැද්දපොල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සමීර මදුසංක අතපත්තු නමැති අයෙකි.

පසුගිය 8 වැනිදා දහවල් 12.00 ට පමණ මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය කියයි. මොහු යුද හමුදාවේ උසස්‌ නිලධාරියාගේ නිවසට යාබදව පිහිටි ගබඩාකාමරයේදී ගෙළ වැළලාගෙන ඇත. මොහු තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ප්‍රේම සම්බන්ධතාව බිඳී යැම නිසා කලකිරීමට පත්ව දිවි හානි කරගෙන ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

දිවි හානි කරගත් යුද හමුදා කෝප්‍රල්වරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (09 දා) ඇල්පිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. ඇල්පිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka