gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සයිටම් අහෝසි කර, රජය මීළඟට කරන්න යන දේ

සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනයක් පිහිටුවීම සඳහා පසුගිය දෙසැම්බර් 30 වැනි දින රජය, සයිටම් ආයතනය හා මාලඹේ ස්ලිට් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් ආයතනය අහෝසි කරමින්
ඉදිරියේදී ස්ලිට් ආයතනය විසින් නව ආයතන දෙකක් පිහිටුවීමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුම අනුව සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, සයිටම් ආයතනයේ වර්තමානයේ අධ්‍යාපනය ලබන සියලුම වෛද්‍ය සිසුන් සහ සයිටම් ආයතනයේ සියලුම වත්කම් හා වගකීම් ඊට පැවරෙනු ඇති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සයිටම් ආයතනයේ වත්මන් වෛද්‍ය සිසුන් උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කෙරෙන බවයි.

එමෙන්මල මෙම ආයතනයට අලුතින් සිසුන් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තවද 2019 වසරේ සිට සිසුන් බඳවා ගැනීම සඳහා නව ලාභ නොලබන ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද මෙහි සඳහන් වනවා.

මේ අතර, අහෝසි කරන ලද සයිටම් ආයතනයේ සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය උපාධිය ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විරෝධය පලකරමින් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එම උද්ඝෝෂණය සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයල රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හා වෛද්‍ය පීඨ සිසුන් රැසක් සහභාගීවී සිටියා.

උද්ඝෝෂණයේ නිරත පිරිස් පවසා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා තමන්ව රැවටු බවයි.

එහිදී තම විරෝධතා කරුණු ඇතුලත් ලිපියක් වෛද්‍ය සභාවේ සභාපතිවරයාට ලබාදීමට රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ නියෝජිතයන් පිරිසක් කටයුතු කරනු ලැබුවා.

පසුව වෛද්‍ය සභාවට විරෝධය පලකරමින් විරොධතාකරුවන් මිනී පෙට්ටියක්ද පුළුස්සනු ලැබූවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka