gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලින්ද පුෂ්පකුමාරගෙන් ලෝක වාර්තාවක්, අශ්විනුත් පරද්දලා

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර පසු ගිය වසරේදී(2017) ලෝක පළමු පෙළ ක්‍රිකට් පිටිය වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත්වුණා.

දකුණු අප්‍රිකානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක සිමන්ස් හැමර් දෙවන
ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්වින් තුන්වන ස්ථානයේ පසුවනවා.

මාලින්ද පසුගිය වසරේදී ශ්‍රී ලංකා ජාතික, ශ්‍රී ලංකා ''ඒ'' කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් නියෝජනය කරමින් තරග 15කදී කඩලු 115ක් දවාගෙන තිබෙනවා.

මාලින්දගේ මෙම කඩුලු 115ට කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 5ක් සහ 5බැගින් දවාගත් අවස්ථා 12ක් ඇතුලත්.

මාලින්ද පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබාගනිමින් ටෙස්ට් තරග 2කදී කඩුලු 5ක් දවගත්තා.

30 හැවිරිදි මාලින්ද මේ වනවිට පළමු පෙළ තරග 107කදී කඩුලු 613ක් දවාගෙන තිබෙනවා.

සිමන්ස් හැමර් පළමු පෙළ තරග 23කදී කඩුලු 102ක් දවාගෙන ඇති අතර, අශ්වින් තරග 18කදී කඩුලු 87ක් දවාගෙන තුන්වන ස්ථානයේ පසුවනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka