gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජගිරිය පාලමට මෛත්‍රිගෙන් නමක්

මෙරට දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත්කළ ජනවාරි 8දා ඇති කළ සමාජ විප්ලවයට උරදුන් සුවිශේෂී චරිතයක් වූ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ නමින් රාජගිරිය නව ගුවන් පාලම නම් කරන්නැයි තමන් යෝජනා කර සිටින බව ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ යෝජනාව සිදු කළේ ඊයේ (8දා) රාජගිරිය නව ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
දිවයිනේ නාගරික ප්‍රදේශවල නිරතුරුවම පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දිවයිනේ ප්‍රදේශ කීපයකම ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන අතර මෙම නව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ස්පාඤ්ඤ හා දේශීය සමාගමක් එක්ව වසර 2016දී ආරම්භ කරනු ලැබීය.
එහි ඉදිකිරීම් කටයුතු මේ වසරේ දෙසැම්බර් මස නිමවීමට නියමිතව තිබුණද යහපාලන ජාතික රජය පිහිටුවා වසර 3ක් ගතවූ ඊයේ (8දා) දිනයේදී මෙම නව ගුවන් පාලම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රමුඛ ජාතික රජයේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට අවස්ථාව ලැබීම යහපාලන රජය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.

ස්පාඤ්ඤ රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකරනු ලැබූ මේ නව ගුවන් පාලමට රුපියල් මිලියන 4700ක මුදලක් වැයකර තිබේ. මන්තීරු 4 බැගිින් වූ මෙම ගුවන් පාලමේ සමස්ත දිග මීටර් 534කි. ඊට මීටර් 180ක දිගින් යුතු පිවිසුම් මාර්ගයක්ද ඇතුළත් වේ.
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉදිවූ මෙම පාලම යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙසත් ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ලෙසත් ඉතිහාසයට එක් වෙයි.

-ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka