gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ට සිතාසි

හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) සිතාසි නිකුත් කළා.

ඒ, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩු 3 කට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ එම නඩුව අද
කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩුවල සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරව සිටි නිලධාරියා නම් කරන බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීම සඳහා ලබන අප්‍රේල් 6 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka