gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හලාවතදී චීනයෙන් සිංගප්පූරුවට ප්‍රහාරයක්

සිංගප්පූරු ජාතිකයෙකුට පහර දුන් බව කියක චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

ඊයේ (10)  සවස හලාවත - අඹකදවිල ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහර දීම සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
ඇත්තේ චීන ජාතිකයෙකු වන Zoo Licai නම්වූ වයස අවුරුද 57 ක පුද්ගලයෙකුවයි.

පහර කෑමට ලක්ව ඇත්තේ සිංගප්පූරු ජාතිකයෙකු වන Eagrian Zoo නම්වූ අයෙක් බවයි වාර්තාවුණේ.

එම සිංගප්පූරු ජාතිකයා හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා යන අයෙක් වන අතර පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයා එම අභිජනන මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකු බව පොලීසිය පවසනවා.

10 වැනිදා සවස දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව පහර දීම සිදුවී ඇති බවයි විමර්ශණ වලදී හෙලිවී තිබෙන්නේ.

පහර කෑමට ලක්ව ඇති සිංගප්පූරු ජාතිකයා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරක් අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

පහර දීමෙන් තමන්ට තුවාල සිදුවී නොමැති නමුත් ඇතිවූ මරණ බය නිසා පොලීසියට පැමිණිළි කිරීමට කටයුතු කළ බව සිංගප්පූරු ජාතිකයා පවසා තිබෙනවා.

මේ පිළිබඳව හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka