gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංස්ථාවෙන් එවපු දැවි තෙල් මඟදී වෙන තෙලක් වෙලා

කොළඹ ගලධාරි හෝටලය මඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඇණවුම් කර මිලදී ගත් දැවි තෙල් තොගයක් හෝටල් ටැංකි සංකීර්ණය වෙත ගොඩ බෑමට යද්දී මිලයට ගත් දැවි තෙල් වෙනුවට නැව්වලින් ඉවත් කළ (දැවී ඉවත් කළ) තෙල් බවට පත්වීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල්
සංස්ථා විමර්ශන අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ගලධාරි හෝටලයේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය බලශක්තිය නිපදවීමට දැවිතෙල් භාවිත කරන අතර ඒවා මිලයට ගනු ලබන්නේ තෙල් සංස්ථාවෙන් තොග වශයෙනි. දැවි තෙල් ලීටරයක මිල රුපියල් 80ක් වන අතර ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව අලෙවි අංශයට කරන ලද ඇණවුමකට අනුව ලීටර් 6600කින් යුත් මෙම තොගයට මුදල් ගෙවා 15දා මිලයට ගෙන තිබිණි.

කරන ලද ඇණවුමට අනුව අදාළ තෙල් තොගය 15දා උදේ 9.15ට කොලොන්නාව ඛනිජ තෙල් සංස්ථා ගබඩාවේ සිට ගලධාරි හෝටලය වෙත පිටත් කර යවා තිබුණේ අංක 27 ශ්‍රී 7683 දරන පෞද්ගලික ටැංකි (බවුසර්) රථයෙනි. කොලොන්නාව සිට ගලධාරි හෝටලය දක්වා වන කිලෝමීටර් 6ක පමණ දුර තෙල් ප්‍රවාහනයට පැය හයකට වැඩි කාලයක් ගත් ටැංකි රථය හෝටලය වෙත ළඟාවී තිබුණේ එදින සවස 3.00ට පමණය.
ටැංකි රථයේ තෙල් ටැංකි මුද්‍රා මෙන්ම අඩංගුව පිළිබඳව සැක පහළ කළ හෝටල් ගබඩා නිලධාරීන් සිද්ධිය ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව තෙල් සංස්ථාවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් එහි යවා පරීක්‍ෂා කිරීමේදී කොලොන්නාව ගබඩාවෙන් පටවා ගත් දැවි තෙල් තොගය වෙනත් ස්ථානයකට ගෙනගොස් ඒ වෙනුවට නැව්වලින් පාවිච්චි කොට ඉවත් කළ තෙල් තොගයක් පුරවා ඇති බව අනාවරණය කරගෙන ඇත.
සංස්ථා නිලධාරියෙක් පැවැසුවේ දැනට එම දැවි තෙල් තොගය අඩංගු රථය තෙල් තොගයත් සමඟම නැවත කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත ගෙනවිත් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවයි.
දැවි තෙල් ලීටර් එකක මිල රුපියල් 80කි. ඒ අනුව ලීටර් 6600ක් වංචා සහගතව ලබාගනිමින් රුපියල් 5,28,000ක මුදලක් මෙම සංවිධානාත්මක කල්ලිය නතුකරගෙන ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින පෞද්ගලික ටැංකි රථකරුවන් අතර සිටින සංවිධානාත්මක කල්ලි මෙවැනි වංචාවන් නිතර නිතරම සිදු කරමින් සිටින බව සංස්ථා විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

ඉකුත් සතියේදී මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ සිට කුරුණෑගල ගබඩාව වෙත යැවූ ඩීසල් ලීටර් 33,000කින් 6,600ක් භුමිතෙල් බවට පෙරළී තිබීමද එවැනි සිදුවීමකි.
එයද සිදුව තිබුණේ අදාළ ඩීසල් තොගය පෞද්ගලික බවුසරයක් මඟින් ගෙන යන අතර මඟදීය.

හොඳ ඉන්ධන වෙනුවට බාල මට්ටමේ ඉන්ධන මාරුකර ටැංකි රථ හිමියෝ කෝටි ගණනින් මුදල් වංචා කරන අතර ප්‍රමිතියෙන් තොර ඉන්ධන බලශක්තිය සඳහා දහනය කරමින් මහා පරිසර විනාශයකටද මුල පුරති.

- ධර්මප්‍රිය ලියනආරච්චි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka