gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමළ ගුරුවරු වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට..

රටවල් හතරක් සමඟ ඒකාබද්ධ වී දෙමළ භාෂා ගුරුවරුන් වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 5 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් පවසනුයේ ජාත්‍යන්තරව දෙමළ ගුරුවරුන්ගේ
සංසදයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහි පිහිටි ලී මැරිඩියන් හෝටලයේදී පැවැත්වෙන මේ සාකච්ඡාවට මැලේසියාවේ අධ්‍යාපන අමාත්‍ය කමලනාදන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය සෙන්කෝට්ටෙන් සහ සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යවරයා එක් වීමට නියමිතය. මේ ක්‍රමය හරහා සියලු ගුරුවරුන් ඒකාරාශි කොට ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයන් සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමට හැකියාව හිමිවන බවත් එය අධ්‍යාපනය ලබන දරුවන්ටත් වාසියක් එක් කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka