gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍ය රජ කුමරෙක් 70 වැනි නිදහස සමරන්න එයි

පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා යන නමින් හඳුන්වන අතර
බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවා ඇති ආරාධනා පත්‍රය පිළිගෙන ඇති බවයි.

1998 වර්ෂයේ සමරනු ලැබූ 50 වැනි නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ එළිසබත් රැජිනගේ වැඩිමහලු පුතණුවන් වන චාර්ල්ස් කුමරුය.

"එක් ජාතියක්" යන තේමාව යටතේ පවත්වන ‍මෙවර නිදහස් දින උළෙල සඳහා තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙතද ආරාධනා යවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka