gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞදියේ සේවය කළ මවගේ සිරුර මසක් ගත වෙද්දිත් තවම නෑ

සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසෙකටත් පමණ කාලයක් ගත වී ඇතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙක් හෙළි කළේය.

එන් .කේ .ඒ. ගනුෂ්ක තෙරාජ්  මහතා පැවසුවේ කිතුල්හිටියාව උළුකැට
වැව පාර කැකිරාව ලිපිනයේ පදිංචිව සිටි නෙල්කා දීපානි  කුමාරසිරි යන තම මව 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස ගිය බවයි.

පසුව ඇය 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී සේවය කළ නිවසේ ඇයට වැටුප් ලබා නොදී එහි සිරකර ගෙන සේවය ලබාගත් බව සඳහන් කළේය.

පසුව 2014 වසරේ මාස ගණනාවක් යන තුරු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ විට තමන් දැඩි වෙහෙසක් දරමින් මව සෙවීමේ කටයුතු සිදු කළ බව සඳහන් කළේය.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින්  පහලට ඇඳ වැටී අසනීප තත්ත්වයේ එරට රෝහලක සිටින බව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.

එදා  සිට 2017 වසරේ 11 වැනි මාසය දක්වාම තම මව අසනීප තත්ත්වයෙන් හෝ මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට  ජනාධිපතිවරයා දක්වා ලිපි ලිව්වද  විෂයභාර ඇමැතිවරුන් හමු වීමට අවස්ථා ගණනාවක් ගියද අඩුම තරමේ ඇමැතිවරියක් ඇමැතිවරයෙක් මුණගැසීමට වත් අවස්ථාවක් නොලැබුණු බව ඔහු පවසයි.

එසේ රෝගාතුරව සිටි තම මව පසුගිය නොවැම්බර් මාසයේ 13 වැනි දා මිය ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka