gossip lanka

ත්‍රිරෝදයෙන් සංචාරකයන් ප්‍රවාහනයට බලපත්‍ර අනිවාර්යයි.

මෙරට ත්‍රිරෝද රථ සේවය විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසන ලාබදායි සහ ගුණාත්මක ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන සැම ත්‍රිරෝද රථයක්ම හා ඒවායේ රියැදුරන් ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි
කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමඟම ත්‍රිරෝද රථ රියැදුරන් විශේෂ පුහුණුවකට සහභාගී විය යුතු අතර, එහිදී භාෂා පුහුණුව, ආචාරශීලිත්වය, පාරිභෝගික ආරක්ෂණය ආදි ක්ෂේත්‍ර කිහිපයක් යටතේ ඔවුන්ට පුහුණුව ලබාදෙනු ඇත.

විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කරන සෑම ත්‍රිරෝද රියක ම මීටරයක් සවි කර තිබිය යුතු අතර, රියැදුරාගේ නම, ලිපිනය සහ ඔහුගේ දුරකතන අංකයද ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. කොළඹ නගරයේ ත්‍රිරෝද රථ 10,000කට වඩා සංඛ්‍යාවක් ධාවනය කෙරෙන අතර, මේ වැඩපිළිවෙළ මුලින් කොළඹ නගරයෙන් ආරම්භ කර, පසුව රටේ අනෙක් නගර කරා ව්‍යාප්ත කරන බැව් ලංකා සංචාරක මණ්ඩලය පවසයි.

gossip lanka