gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වර්ධරාජා පෙරුමාල් TNA එකට සෙට් වෙයි !

උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළමු මහ ඇමතිවරයා වන ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ වර්ධරාජා පෙරුමාල් මහතා දෙමළ ජාතික සංධානය සමඟ එක්වීමට සූදානම්වන බව වාර්තා වේ.

ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ ආරම්භක නායකයකු වන පෙරුමාල් මහතා
මේව විට එම පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ද ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදේ.

පෙරුමාල් මහතා දෙමළ ජාතික සංධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත බවද වාර්තා වේ.

ඒ මහතා 1988 වර්ෂයේ පැවැති උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් ප්‍රථම මහ ඇමතිවරයා ලෙස පත්විය.

කෙසේවුවද, 1990 දී එම පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව ඔහු ඉන්දියාවේ පදිංචිව සිටියේය.

යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි ඔහු පද්මනාහා කණ්ඩායම සමඟ කටයුතු කළේය.

එය ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ කඩාගෙන ගිය කොටසකි.

වසර 1990 දී ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය කොටස් දෙකකට වෙන්වීමෙන් පසුව එම අවස්ථාවේ එහි ලේකම්වරයාව සිටි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පාර්ශවයට පක්ෂයේ නිල නාමය ඇතුළු නීතිමය අයිතිය හිමිවිය.

මූලාශ්‍රය - රාවය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka