gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තේ කුරුමිණියා ගැන කතා කරන්න නියෝජිතයින් යයි

ශී‍්‍ර ලංකාවේ තේ සඳහා පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට තේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු තාක්ෂණික කමිටුවක් අද (24) උදෑසන රුසියාව බලා පිටත්ව ගියා.

මෙරට තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය මෙරට තේ කර්මාන්තය මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ල වූ බලවත් පහරක් ලෙසයි සැලකෙන්නේ.
එරටට යැවූ තේ බහාලූමක තේ කර්මාන්තයට මෙන්ම කෘෂි කර්මාන්තයට හානිදායක කෘමියෙකු ලෙස සැලකෙන කප්රා නමැති කෘමියෙකු හමුවීම මෙම තහනමට හේතු වුණා. මතුව ඇති තේ අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ නිලධාරීන් සමග හෙට (25) සිට සාකච්ඡා ආරම්භ කරන බවයි තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කීර්ති මොහොට්ටි  කියා සිටියේ.

ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව මෙරට මුළු තේ අපනයෙන් සියයට විසිපහක් පමණ මිලදී ගනු ලබනවා. පසුගිය මාස කිහිපයයේදී රුසියාවට තේ කිලෝග‍්‍රෑම් මිලියන විසිපහක් පමණ අපනයන කර ඇති බවයි තේ මණ්ඩලයේ වාර්තාවල දැක්වෙන්නේ.

මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට තේ මණ්ඩලයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රුසියානු තානාපතිවරයා සමග මීට පෙර සාකච්ඡා පැවැත්වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka