gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට කලකට පසු එක්දින ක්‍රිකට් ජයක්

පසුගිය කාලයේ දිගින් දිගටම අමිහිරි පරාජයන්ට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඊයේ ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නට හැකි විය.ධර්මසාලාහිදී ඊයේ (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහර  දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 38.2 ක් අවසානයේ සියලූ‍ දෙනාම දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112 ක් පම‚.

සුරංග ලක්මාල්ගේ (13/4) විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඉන්දියාව මෙලෙස
දුර්වල වූ අතර විටෙක ලකුණු 29කට කඩුලූ‍ 7ක් දැවි අසරණ තත්වයක පසු විය.කෙසේ හෝ ප්‍රමාණවත් ලකුණු ගණනක් ලබාගන්නට මහේන්ද්‍ර සිං දෝනි තනිව යෙදුනු සටන තරගය ජයග්‍රහණයට තරම් ප්‍රමාණවත් වූයේ නැත. ඔහු ලකුණු 65 ක් රැස් කර තිබු‚.

සුරංග ලක්මාල් තම එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. තරගය ආරම්භයේ සිට පන්දු යැවූ සුරංග ලක්මාල් පිට පිට ඕවර දහයම යවමින් ලකුණු 13 කට කඩුලූ‍ 4 ක් දවාගත් අතර ඊට නිලකුණු ඕවර 4 ක්ද ඇතුළත් විය.ලකුණු 113ක ඉලක්කයක් හඹා ගිය  ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7කින් තරගය ජයග්‍රහණය කරන ලදි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka