gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ නඩුව පෙබරවාරියේ

අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා ආරම්භ කිරීමට අද (14දා) නියම කෙරුණි.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ
කැදවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ පළමු, දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සිතාසි නිකුත් කෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka