gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දින 11ක් අතුරුදන් වූ මිහින්තලේ 15 හැවිරිදි පිරිමි දරුවා සොයා මෙහෙයුමක්

අනුරාධපුර මිහින්තලේ පොලිස් වසමට අයත් මිහින්තලේ පොතාන ගල්මඩුව ඉහලගම අලුත් ගම්මානය යන  ලිපිනයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙකු අතුරුදන්ව ඇති බව ඔහුගේ ඥාතීන් පවසනවා.

සිය මව විසින් අවවාද කිරිමක් හේතුවෙන් නිවසින් පලා ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ. පැතුම් නොහොත් චලක නිරංජන් රත්නසිරි යන මෙම
දරුවා අවට ගම්මානයේ පුද්ගලයෙකු සමග ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වූ බවත් ඥාතීන් කියා සිටියා.

නමුත් එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමක දී මාර්ගයේ මුණගැසුණු  එම දරුවා තමා සමග සුළු දුරක් ගමන් ගත් බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 05 වැනිදා සිට මෙම දරුවා අතුරුදන්ව සිදුවුණා.

මේ සම්බන්ධයෙන් ඥාතීන් විසින් මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක් ද ගොණු කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන්  මිහින්තලේ පොලිසියෙන් කළ විමසීමක දී එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අවට පොලිස් ස්ථානවලට මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර තවදුරටත් එම දරුවා සොයා මෙහෙයුමක් දියත් කරන බවයි ඔහු කියා සිටියේ.

මෙම දරුවා පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බවත් තරමක මුරණ්ඩු ස්වභාවයක් ඇති දරුවෙකු බවත් පොලිසිය කියා සිටියා.

මෙම දරුවා සම්බන්ධයෙන් තොරතුරක් තිබෙනම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසය ඉල්ලීමක් කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka