gossip lanka

මිහිදන් කළ මළ සිරුරු 15 ක් මන්නාරම කනත්තකින් ගොඩට ආ හැටි - (Photos)

මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්තක් හාරා පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු 15 ක් ඊයේ(04) සවස මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ ඉදිරිපිටදී ගොඩ ගෙන තිබෙනවා.

මීට වසර 10 කට පමණ පෙර මන්නාරම කතෝලික සභාෙවි කටයුතු කළ
15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය සඳහන් කර තිබෙන්නේ.

පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිසරුරු ගොඩ ගැනීම සිදුකළ බවයි.

අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර,අනතුරුව අදාළ කනත්ත තුළ සියළුදෙනාගේ සිරුරු මිහිදන් කොට තිබෙනවා.

අදාළ කනත්ත තුළ මිහිදන් කළ කතෝලික සභාවේ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්ත තුළ මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය සඳහන් කළා.

gossip lanka