gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගණිතය ප්‍රශ්න පත්‍රය සංකීර්ණ වැඩියි: සිසුන්ට සාධාරණයක් කරන්න

අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය හේතුවෙන් අසාධාරණයට පත්ව සිටින දූ දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ (21දා) දින අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශ්‍රාමික පිරිසක් හමු වූ අවස්ථාවේදීය.
ගණිතය ප්‍රශ්න පත්‍රය ඉතා සංකීර්ණ එකක් වූ නිසා දිඹුලාගල ප්‍රදේශයේ සිසුවකු සියදිවි හානි කර ගැනීම බරපතළ ඛේදවාචකයක් බවත් මෙවැනි
තත්ත්වයක් ඇති වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ගණිතය ප්‍රශ්න පත්‍රය සංකීර්ණය වැඩි බව පවසමින් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඊට මුහුණ දුන් දරුවන් ගුරුවරුන්ට ප්‍රකාශ කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් නියමිත කාලය අනුව ගුරුවරයකුට වුවද මෙම ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදීම අසීරු වී ඇති බවටද තොරතුරු වාර්තා වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය ආණ්ඩුව කාලයේදී මෙවැනි දෙයක් සිදුවූවා නම් දූ දරුවන්ට මානසික පීඩනයක් ඇති නොවන පරිදි විසඳුම් ලබාදුන් බවත් එම නිසා අනාගතය භාරගන්නට සිටිනා දූ දරුවන්ට මානසික පීඩනයක් ඇති නොකර මෙම ගැටලුව විසඳීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka