gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවත් අතත් පුත්තලමේදී ගැටුමක

හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන්  අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය. පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි.

මෙලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතුවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත
ලකුණින් වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට තරග වදින හිටපු ජේෂ්‍යඨ ඇමතිවරයකු වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා නාම යෝජනා විරෝධතා වලින් පසුව රුස්විම් ශාලාවේන් එළියට බසින විට ඔහු ශ්‍රී ලංකා පක්ෂයට ජයවේවා යැයි පවසමින් පැමිණිමත් සමඟය.

ඒ ආසන්නයේ සිටි ශ්‍රි ලංකා  පොදුජන පෙරමුණෙ වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා පොහොට්ටුවට ජය වේවා යැයි කෑගැසිමත් සමඟ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වි ගුටි බැට හුවමාරුවක් බවට පත්විමට සුදානම් වීමේදී කන්ඩායම් දෙකෙහිම පිරිස් දෙදෙනාව ඉවත් කර ගැනිමට කටයුතු කරනු ලැබීය .

දේශපාලන පක්ෂ වලට පෙළපාලි සහ අනිකුත් දේ තහනම් කර තිබියදි පක්ෂ දෙකෙහිම දේශපාඥයින් දෙදෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදි මෙලෙස හැසිරී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බංඩාර මහතා සහ මුස්ලිම් කොන්ග්‍රසයේ කේ .බායිස් මහතා ඇතුළු පිරිස සාමකාමිව පිටව ගියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායක  ආනන්ද සරත් කුමාර මහතාගේ ආධාරකරුවන් 1000 ක් පමණ ඔහුව පිළිගනිමින් රුගෙන යාම සිදුවිමක් විය. පිටුපසින් හිටපු ඇමතිවරයකු වු ප්‍රියංකර ජයරත්න මහතා නෙළුම් පොහොට්ටුවක් රුගෙන සනත් නිශාන්ත , අරුන්දික ප්‍රනාන්දු , ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කන්ඩායම ගමන් කළේය.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka