gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 27 කට පසු යුද හමුදාව සතු ඉඩමක් මුදා හැරේ

යාපනය පලාලි  කඞ්ඩුවාන්  ඔට්ටාපුලම්  ප‍්‍රදේශයේ හමුදාව සතුව තිබු අක්කර 29 ක ඉඩම් ප‍්‍රමාණයක් වසර 27කට පසු යුද හමුදාව විසින් ඊයේ (30) යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙත බාර කෙරිණි.

මෙම ඉඩමේ  රෝමානු කතෝලික දෙමළ විද්‍යාලය සහ  ශාන්ත
අන්තෝනි  දේවස්ථාන පිහිටා තිබී ඇති අතර හමුදාව විසින් මෙම ඉඩම  ශුද්ධ පවිත‍්‍රකර මෙලෙස බාර දෙනු ලැබිණි.

සටන් පැවති සමයේ  මෙම ඉඩම හමුදාව විසින් අධිආරක්ෂිත කලාප වෙතට අත්පත්කර ගෙන තිබු අතර ඒ ආසන්නයේ හමුදා කඳවුරක්  ද  පිහිටා තිබූ බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.

උතුරේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් උතුරේ හමුදාව සතුව ඇති වැඩිපුර ඉඩම් යළි ජනතාවට ලබා දීමේ වැඩසටහන යටතේ  මෙම ඉඩම ද  ජනතාව වෙත මුදා හැරීමට  කටයුතු කළ බව  හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල්  දර්ශන හෙට්ටිආරච්චි මහතා මෙම ඉඩමේ ඔප්පුව යාපන දිසාපති එන් වේදනායගම් මහතා වෙත  බාර දුන්නේය.

මෙසේ නිදහස් කරන ලද භූමියේ ඇති පාසලද ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා අතරම නිදහස් වූ ඉඩමේ පවුල් 17 ක් මේ වන විටත් පදිංචි කිරීමට නියමිතව ඇති බවට යාපනය දිසාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka