gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ කපයි.. කොටයි.. හයක් අත්අඩංගුවට..

යාපනය චාවකච්ඡේරි මීසාලෙයි ප්‍රදේශයේ සිදුවු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ කල්ලියක ප්‍රධාන සැකකරුවන් හය දෙනෙකු ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවැසීය.

වඩුක්කොඩ්ඩෙයි පොලීසියට ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ විශේෂ
මෙහෙයුමකදී යාපනය වඩ්ඩුකොඩ්ඩෙයි, පෙරියපුල්ලි  ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුවන් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේධීත් ඔවුන් සතුව තිබි කඩු කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ප්‍රදේශයේ සිදුවු කපා දැමීම් සිදුවීම්, සොරකම් කිරීම් හා පුද්ගල බිය වැද්දීම් වෙනුවෙන් අවශ්‍යව සිටි පුද්ගලයින් වන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ආසන්නතම සිද්දිය වශයෙන් පසුගිය 04 වැනිදා යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු කපා දමා තුවාල කොට තිබිණ.

සැකකරුවන් යාපනය මල්ලාකම් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරීමේදී සැකකරුවන් එළැඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළ බවද වඩුක්කොඩ්ඩෙයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka