gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෞද්ගලික රෝහල්වලින් නිකුත් කරන බිල්පතට කොන්දේසි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව මිල අඩු කළ අත්‍යාවශ්‍ය ඖෂධ, ස්ටෙන්ස් සහ අක්ෂි කාච ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ මිලටම පෞද්ගලික රෝහල්වල දී රෝගී ජනතාවට ලබාදෙන්නේ ද යන්න
පිළිබදව වහාම විමර්ශණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

ඇතැම් පෞද්ගලික රෝහල් මගින් අඩු කළ මිලට ඖෂධ, ස්ටෙන්ස් සහ අක්ෂි කාච ලබා නොදෙන බවට රෝගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද විමර්ශණයක් ආරම්භ කරන ලෙසත්, එම වාසිය රෝගී ජනතාවට ලබානොදෙන රෝහල් වල ලියාපදිංචිය අවලංගු කිරීමට පෙර නිදහසට කරුණු විමසන ලෙසත්, පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට ඊයේ (14) දැනුම් දෙන ලදි.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර, පෞද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට එම මිලටම ඖෂධ ලබාදිය යුතු වෙයි.

වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවිවන ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 දක්වා ද රුපියල් ලක්ෂ 350,000 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ පන්දාහක් දක්වා මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා 2017 අගෝස්තු මස 04 වන දින පියවර ගනු ලැබීය.

අක්ෂි කාච මිල රුපියල් 30,000 සිට රුපියල් 6000 දක්වා මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබුයේ 2017 පෙබරවාරි 17 වනදායි. ඒ අනුව අක්ෂි කාච සහ ස්ටෙන්ස් එම මිල ගණන් වලට ලබාදිය යුතු බවට ගැසට් පත්‍ර යේ සදහන් වෙයි. තව ද කිසියම් රෝගියෙකුගේ ශල්‍යකර්මයක් සදහා භාවිත කරන ස්ටෙන්ස් සහ අක්ෂි කාච මිල ගණන් පෞද්ගලික රෝහල්වලින් නිකුත් කරන බිල්පතේ ද සදහන් කළ යුතු වෙයි.

මේ අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල සදහා තොරතුරු රැස් කිරීමේ දී තොරතුරු ලබා නොදුන් රෝහල් පිළිබදව ද විමර්ශණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එම රෝහල්වල සිදු කරන රෝගී සත්කාරක සේවාවන් පිළිබදව වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට දැනුම් දී ඇත.

– ප‍්‍රසන්න අධිකාරී


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka