gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ආයතන සේවකයන්ට බෝනස්

ලාබ ලබන සියලූම රාජ්‍ය ආයතන සේවකයන්ට වාර්ෂික ප්‍රසාද දීමනාවක් ලබා දීමට පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජාවට ලක්ව ඇත.

 වාර්තා වන ආකාරයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සිදුකර ඇති මෙම යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැගීමට නියමිත බවත් එහි දී පැමිණීම, කාර්ය සාධන පදනම්කරගත් දිරි දීමනා ගෙවන සේවකයන්ට මෙන්ම සියලූම ආයතන ආවරණය වන ආකාරයට මෙම කටයුත්ත දියත් කිරීමට නියමිතව ඇත.


මේ සම්බන්ධව කළ විමසීමක දී මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මීට පෙර ද විවිධ අවස්ථාවල දී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමේ වැඩසටහන් ක්‍රියාවට නැගුනත් ඒවායේ ක්‍රමවත් භාවයක් නොතිබූ බවත් එම අඩු ලූහුඬුකම් සකසා ගෙන මෙවර ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළ රාජ්‍ය සේවක ප්‍රසාද දීමනා ගෙවීම ක්‍රියාත්මක කරන බවය.

එසේම මේ හරහා රාජ්‍ය අංශයේ සිදුවන සම්පත් අපතේ යාම අවම කර ගැනීම, රාජ්‍ය අංශයේ පළදායීත්වය වර්ධනය කරගනිමින් කාර්යක්ෂම රාජ්ය සේවයක් ඇති කිරීම සහ එහි ප්‍රතිඵල රාජ්‍ය සේවකයන් වෙත පෙරළා පිරිනැමීම රජයේ අපේක්ෂාව බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka