gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඉන්ෆ්ලූවෙන්සා ගැන අවධානයෙන් සිටින්න'

මේ දිනවල ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෑම වර්ෂයකම නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි කාලසීමාව තුළ ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


මේ අතර ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය වැළඳීමෙන් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 09 දෙනෙකු මියයෑම පිළිබඳ සොයාබැලීම සඳහා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් එම ප්‍රදේශයට ගොස් විශේෂ පරික්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මාසය තුළදී මෙම රෝගීන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් 50ත්, 70ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තාවේ.

වෛරස් රෝගය වැළඳී ඇති පුද්ගලයන් 100 දෙනෙකු පමණ තවදුරටත් මුලතිව් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka