gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොංකොං ගිය ක්‍රිකට් පිල තේරුවේ කවුද ?

පසුගියදා හොංකොංහි පැවැති හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී අන්ත පරාජයකට මුහුණදුන්නේය.

ෆර්වීස් මහරූෆ්ගේ නායකත්වයෙන් තරගවැදුන එම කණ්ඩායම ඔවුන් මුහුණදුන් පළමු තරගය වූ ඕස්ට්‍රේලියාව සමඟ තරගය ජයගත්තද, සෙසු
තරග සියල්ලම පරාජයට පත්විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව තරග සටහනේ 7වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාව මෙසේ හත්වැනි ස්ථානයට පත්වූයේ කණ්ඩායම් 8ක් අතරිනි.

එම්.සී.සී. කණ්ඩායම අවසන් ස්ථානයට පත්වූ අතර ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය, හොංකොං, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය වෙතින පරාජයට පත්විය.

බංග්ලාදේශය මේ තරගාවලියට එවා තිබුණේ 19න් පහළ කණ්ඩායමක් වුවද ශ්‍රී ලංකාව ඔවුන් හමුවේද පරාජයට පත්විය.

දිනුවේ එක තරගයයි ! තේරුවේ හිතවත් කම්වලටයි !

තේරීම් තරග හෝ සංචිතයක් නොමැතිව සිදුකර ඇති තේරීම්වලදී එක් තේරීම් කමිටු සාමාජිකයෙක් ඔහු කළින් පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කෙරෙහි වැඩි සැලැකිල්ලක් දක්වා ඇතැයි ද නායකයා පවා පත්කර ඇත්තේ එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක්විම නිසා බවත් ක්‍රීඩකයෝ පවසති.

පසුගියදා අවසන් වූ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ කැපී පෙනුන දක්ෂතා දැක්වූ ශාලික කරුණානායක වැනි හයේ පහරවල් පහරවල් සඳහා ප්‍රසිද්ධ ක්‍රීඩකයකු පවා මේ සඳහා තෝරාගෙන නොතිබුණි.

මේ අදාළ තේරීම් කමිටු සාමාජිකයා ශ්‍රී ලංකාව නියෝජනය නොකළ අයෙකු වන අතර රාත්‍රී සමාජ ශාලාවක්ද පවත්වාගෙන යන අයෙකි. මේ හේතුවෙන් ඔහුගේ රාත්‍රී සමාජ ශාලාවට රාත්‍රියේ ගොඩවන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාවද ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රීඩා සමාජයට එක්වන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාවද ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

මොහු පිළිබඳව නුදුරේදීම ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීමට ක්‍රීඩකයන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සත්හඬ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් නොමැතිවීම නිසා පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka