gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලග්ගල, තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය අට දෙනෙකුගේ සිරුරු හමුවෙයි..

ලග්ගල ප්‍රසිද්ධ රිවස්ටන් සංචාරක කලාපයේ ඉලුක්කුඹුර ඇටන්වල හරහා ගලාබසින තෙල්ගමුව ඔයේ සැඩපහරකකට හසුව පවුල් දෙකකට අයත් අට දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ. ඊයේ (05) පස්වරුව වනවිටත් ඉන් හය දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබු අතර ඉතිරි දෙදෙනාගේ සිරුරු සොයා එකාබද්ධ මෙහෙයුමක්ක්‍රියාත්මක කොට ඇත.

හලාවත නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික පවුල් දෙකකට අයත්
සාමාජිකයින් මෙසේ මියගොස් ඇත්තේ ඇටන්වල වද්දාපැනිඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී තෙල්ගමුව ඔයේ ජලමට්ටම හදිසියේ සීග්‍රයෙන් ඉහළ යාම නිසා සැඩපහරට හසුවීමෙනි.නකල්ස් කඳු ප්‍රදේශයට මේදිනවල අධික වැසි සහිත කාලගුණික ඇතිවී ඇති බැවින් මෙලෙස විශාල ජල කඳක් පහලට ගලා ඒමෙන් මෙමෙ තත්වය නිර්මාණය වී ඇත.

මෙම ව්‍යාපාරික පවුල් දෙකෙන් එක් ව්‍යාපාරිකයෙක් ඉලුක්කුඹුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරන අතර තවත් මිතුරු පවුලක පිරිසක් සමග පසුගිය තුන්වනදා මෙම ප්‍රදේශයට පැමිණ තිබේ. පසුව විවේකයෙන්, විනෝදයෙන් කාලය ගතකොට හතරවෙනිදා දහවල් කාලයේ වද්දපැනිඇල්ලට ගොස් දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි දැනට කළ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

සිද්ධිය වෙන අවස්ථාවේ දසදෙනෙකු දියනාමින් සිට ඇති අතර ඉන් එක් කාන්තාවක් හා පිරිමි අයෙකු දිවි ගලවා ගැනීමට සමත් වී ඇත. සැඩපහරට හසුව ඉතිරි අට දෙනා අතුරුදහන් වී තිබුණි.ඒ අතර කුඩා ගැහැණු දරුවන් සිවු දෙනෙකු,කාන්තාවන් දෙදෙනකු,පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුද වේ.

සොයා නොගත් දොළොස් හා හත් හැවිරිදි දරුවන්ගේ සිරුරු සොයා මෙහෙයුම් සිදු කරන අතර සංචාරක හෝටල් ව්‍යාපාරිකයෙකු වන හතළිස් හැවිරිදි කිංග්ස්ලි රත්නායක , ඔහුගේ දොළොස් හා සිවු හැවිරිදි දියණියන් දෙදෙනා හා නන්දනියද , තවත් ව්‍යාපාරිකයෙකු වන තිස් අට හැවිරිදි රවීන්ද්‍ර වසන්ත ,ඔහුගේ බිරිඳ ,දොළොස් හා හත් හැවිරිදි දියණියන් දෙදෙනා ද මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

– ඩිලන්ත හෙට්ටිගේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka