gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්න

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්,
උත්තර පත්‍ර පරික්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, මූල්‍ය භාවිතය ඇතුලු කටයුතු කිහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් මේ දිනවල පැවැත්වේ.

රහස්‍යභාවය ආරක්ෂා කිරීම:

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි විසින් විභාග කොමසාරි ජනරාල්වරයා විභාග දෙපාර්තමේන්තුවේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත්තේ අදාළ විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ද පරීක්ෂණය අතරතුර තමාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් බව අමාත්‍යංශය සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු ද මෙම පරීක්ෂණ අතරේ පසුගිය දා මාරු කරනු ලැබිය.

(නෙත් නිව්ස්)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka