තම වැටුප් විසමතා ඇතුළු වෘත්තීය ප්‍රශ්නවලට රජය පොරොන්දු වූ පරිදි විසඳුම් ලබානොදීම නිසා දුම්රිය රියැදුරු සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය හා දුම්රිය පාලක මැදිරි නිලධාරීන් ඒකාබද්ධව අද (08දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මීට දෙසතියකට පෙර තම වෘත්තීය ඉල්ලීම් ඉටුනොවීම හේතුවෙන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සූදානම් වූ අවස්ථාවේ සති දෙකක් තුළ එම ඉල්ලීම් ඉටුකර දෙන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ලබාදුන් ප්‍රතිඥාවක් අනුව එය අත්හිටුවූ බව එම වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් පැවැසුවේය.
තම ඉල්ලීම් ඉටුවන තුරු අද රාත්‍රි අරඹන වැඩ වර්ජනය අත්නොහරින බවත් ඒ අනුව හෙට අලුයම සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ විය හැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සමිති විසින් තමන්ව දැනුවත් කර ඇති බවයි.
කෙසේ වුවද ඔවුන්ගේ වැටුප් විසමතා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ප්‍රවාහන හා මුදල් අමාත්‍යාංශයන් බවත් වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි පීඩාවන් අවම කිරීම සඳහා උපරිම පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
- මව්බිම
අද රෑ 12 සිට දුම්රිය වර්ජනයක්
2017-11-08T12:45:00+05:30
Gossip Lanka Hot News








