gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් කොටි බෝම්බ මතුවෙයි - (photos)

මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියෙකු විසින් වලක් හාරන අවස්ථාවේදී වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවත පදිංචියට ගිය වැසියෙකු විසින් සිය
නිවස ආසන්නයේ තවත් ඉදිකිරීමක් වෙනුවෙන් වලක් හාරන අවස්ථාවේදී වලදමා තිබූ බිම්බෝම්බ කිහිපයක් මතු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාල බිම්බෝම්බ තොගය සොයාගෙන ඇත.

එහිදි වලදමා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බ 50 ක් හා ෆියුස් 43 ක් සොයාගෙන ඇති අතර පසුව එම බෝම්බ තොගය වැඩිදුර අධිකරණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දී ඇති අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව ඉදිරියේදී එම බෝම්බ තොගය විනාශ කිරීමට නියමිතව ඇත.

වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පැවති අවසන් යුද ගැටුම් වලදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලා ගිය කොටි සාමාජිකයින් විසින් මෙම බෝම්බ තොගය වලදමා පලායන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පලකර සිටියි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka