gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිමාන්ඞ් භාරේ සිටින රණවිරුවගේ නැන්දණිය දිවිනසා ගනී

යුධ අපරාධ සිදුකළ බවට චෝදනා නගමින් රක්‍ෂිත බන්ධනාගාර ගතකොට සිටින නාවික බුද්ධි ප්‍රධානියකුව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ රණවිරුවාගේ නිවසේ සිටි බිරිදගේ මෑණියන් පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයෙන් ඇප ලැබේයැයි

තිබූ අපේක්‍ෂාව බිදවැටීම හෙතුවෙන් සිත්තැවුලට පත්ව නිවසේ ළිදට පැන
සියදිවි හානිකරගන තිබිණ. එසේ බෑණනුවන් වෙනුවෙන් ඇප නියම නොවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හාණිකරගෙන තිබුණේ බන්ධනාගාරගතව සිටින රණවිරු සුමිත් රණසිංහ මහතාගේ බිරි`ද වන ආර්.පී. චන්ද්‍රිකා මහත්මියගේ මෑණියන් වූ හමන්ගල්ල ගිරිඋල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි ආර්.පී. මේරි මාතාවයි.

නිවසේ දිනෙන් දින ඇතිව තිබූ ආර්ථික හා සමාජයීය දුෂ්කරතා මධ්‍යයේ සිය මව ආදරයෙන් රැකබලාගෙන සිටියද මවගේ රෝගී තත්ව හේතුවෙන් තමන් විදින දුක පිළිබදව මව දැඩි සිත් අවුලකට පත්ව සිටි බවත් තම වැඩිමහල් දියණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවස්ථාවේ සිටි ලකුණු මට්ටම දින දින පියාගේ බන්ධනාගාරගතවීම තුළ පහත වැටීමෙන් සැමියා බලාපොරොත්තු වූ ජනප‍්‍රිය පාසැලකට දමාගැනීමේ සිහිනය බොදවූ ස්වභාවයද හෙතුවෙන් මව නිවසේ නිරන්තරයෙන් හඩා වැටෙමින් දිවිගෙවූ බවත් පසුගිය නඩු වාරයේ ඇය සිය බෑණනුවන්ට ඇප ලැබේයැයි දැඩිසේ විශ්වාස කළ බවත් පැවසූ රණවිරු සුමිත් මහතාගේ බිරි`ද සිය සැමියාට කඩිනමින් ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියාය. දේහය පිළිබ`ද අවසන් කටයුතු අද (15) සිදුකිරීමටද නියමිතව ඇත.

ඞී.යූ සේරසිංහ : කුරුණැගල

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka