රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්‌වූ සතුන්ගේ මස් වෙළෙඳපොළට නිකුත් වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඝාතනය සඳහා යෑවෙන ගව, එළු, ඌරු වැනි සතුන් සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම, ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාලවල සති, මාසික සෞඛ්‍යයට අදාළ වාර්තා හා
අනිකුත් තොරතුරු ලබාදීම මේ වනවිට අත්හිටුවා ඇති බැවින් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙන මස්‌වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ පශු වෛද්‍ය සංගමයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්‌වේ.
රෝගී සත්ව මස් වෙළෙඳපොළට !
2017-11-05T10:06:00+05:30
Gossip Lanka Hot News