gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක හමුවක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග
කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය.

මෙම සාකච්ඡාවට පෙර බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ඇමැතිවරුන් මුණගැසී මූලික එකඟතා ඇතිකරගෙන තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවලට එකඟ නොවී නව කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ශ්‍රීල.නි.ප.යෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙපක්ෂයේ කතාබහ ඉදිරියට ගෙනයාමටත් කමිටුවක් පත් කැරිණි. එම කමිටුව සී. බී. රත්නායක, බැසිල් රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

මේ වනවිටත් ශ්‍රීල.නි.ප.යෙන් සාකච්ඡා සඳහා කමිටුවක් නම්කර තිබේ. එහි ප්‍රධානියා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. ඩිලාන් පෙරේරා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටු එක් වී කරන කතාබහ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අවසන් තීරණය ගැනීමේ බලය පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය මහ මැතිවරණයේදී තම කණ්ඩායම ලැබූ අත්දැකීම් නිසා ශ්‍රීල.නි.ප.යට දැඩි කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ හෝ පැවැත්වීමට එකඟ වී තිබෙන නායකයන් දෙදෙනාගේ හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ පමණක් සහභාගී වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

– Deshaya


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka