gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරපු නයා පුච්චන්න ගිහින් එක්දරු පියා එළොව යයි - (Photos)

කිලිනොච්චිය ප්‍රදේශයේ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කිලිනොච්චිය, පුනරීන්, කිරාංචි ප්‍රදේශයේ තිබූ කසල ගොඩක, මරාදමන ලද නාගයෙකු පිළිස්සීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නයා පිළිස්සීමේදී කසල ගොඩ එකවරම පුපුරා ගිය බවයි ප්‍රදේශවාසීන්
පවසා ඇත්තේ.

පුනරීන් පොලීසිය කියා සිටියේ යුධ සමයේදී වල දැමූ බොම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යක් අදාළ ස්ථානයේ තිබී ඇති බවත් ගිනි තැබීමේදී එය මෙලෙස පුපුරාගොස් ඇති බවයි.

බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා එම අවස්ථාවේදීම පුනරීන් රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණා.

අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි එක් දරු පියෙකු බව සඳහන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka