gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය අත්අඩංගුවට ගන්න නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (17 දා) නියෝග කළාය.

එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් වූ පුද්ගලයන් 4 දෙනාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යෑවීමටද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

 ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය රාජ්‍ය
සමයේදී එම තානාපති කාර්යාලයට අවශ්‍ය ගොඩනැඟිල්ලක්‌ මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්‌ ලක්‌ෂ තිස්‌දෙදහසක මුදලක්‌ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 මාස හයකට අධික කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කොට තිබුණි. ඇසේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවට කරුණු දක්‌වා මාස දෙකක කාලයක්‌ ඇමරිකාවට යැමට අවසර ලබා ගත් සැකකරු නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

 එහිදී අධිකරණයට කරුණු දැක්‌වූ පැමිණිල්ල මෙහෙය වන මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ සැකකරු ඇමරිකාවේ සිට වෙනත් රටකට පලා යැමට උත්සාහ දැරූ අවස්‌ථාවකදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට නිල නොවන ආරංචි මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇති බවයි. එම නඩුව ලබන ජනවාරි 5 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

-දිවයින




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka