gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හලාවත පොලිසියේ නිලධාරියෙක් ප්‍රසිද්ධියේ සිසුවෙක්ව නිරුවත් කරලා !

පොලිස් නිලධාරියෙකු ප්‍රසිද්ධ  ස්ථානයක  පාසල්  සිසුවෙකුගේ සරම කඩා දැමීම නිසා  එම පාසල් සිසුවා  පාසල් යාම ප්‍රතික්ෂේප කර නිවස තුලටම වී කාලය ගත කිරීමේ පුවතක්  හලාවතින්  වාර්තා  වනවා.

මේ සිසුවා  මෙවර අ.පො ස  සාමාන්‍ය පෙළ විභාගය සදහා  පෙනී සිටීමට නියමිත අතර මේ හේතුවෙන් එයද කඩාකප්පල් වෙතැයි දෙමාපියන්
චෝදනා කරන බවයි  පවසන්නේ.

පසුගිය   එකොලොස්වන  දින  පස්වරුවේ මේ සිදුවීම වී තිබෙනවා.

හලාවත මාලිගාවත්ත ග්‍රාමයේ  වැටලීමකට ගිය අවස්ථාවේ හලාවත පොලිසියේ නිලධාරීන්  මේ සිසුවාගේ සරම කඩා ඉවත්  කර ඇති බව  මේ සිදුවීම ඇසින් දුටුවන් පවසනවා.

සිසුවා යට ඇදුමක් ඇඳ  නොසිට ඇති අතර  මේ අවස්ථාවේ අසල සිටි  පිරිස් සිසුවාට හූ  කියා ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත පොලිසියේ 'ක්වික්' නමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන පොලිස් නිලධාරියෙකු තමාගේ සරම කඩා දැමු බව සිසුවා පවසනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා හලාවත පොලිසියට ගිය අවස්ථාවේ තමන්ට බැණ එලවා  ගත් බව සිසුවාගේ පියා සුරේෂ් සංජිව  සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව කළ විමසීමකදී හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත්  ප්‍රකාශ කළේ  තමන්ට මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි .

දෙමාපියනට පොලිසියට පැමිණ තමා හමුවන ලෙස දැනුම් දෙන ලෙසද මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළ බව  පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka