gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැස්සෙන් පස්සෙ යාපනේ භූගෝලීය වෙනසක් ?

යාපනය අර්ධද්වීපයට සති දෙකක පමණ කාලයක් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව යාපනයේ යම් භූගෝලීය වෙනස්කමක් සිදුවී ඇති බවට මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.

බොහෝ ප්‍රදේශවල මුහුදු ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබීමත්, ඇතැම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටව තිබීමත් හේතුවෙන් යාපනය විශ්ව
විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරු මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ.

ගොඩබිම් මාර්ග රැසක්ම මුහුදු ජලයෙන් යට වී ඇති බව කියන එම කථිකාචාර්ය වරුන් එම ජලය බැස නොයන තත්ත්වයක් දක්නට ලැබීම නිසා යම් භූගෝලීය වෙනසක් සිදුව ඇති බවට සැකකරණ බව කියා සිටී.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගෝල විෂය සම්බන්ධයෙන් වු හිටපු මහාචාර්යවරයෙකු වන මෑතකදී මියගිය මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා 2006 වර්ෂයේදී අනාවැකියක් පලකරමින් ඉතාම නුදුරු අනාගතයේ යම් දවසක යාපනය අර්ධද්වීපය තුල විශාල භූගෝලීය වෙනස් කමක් සිදුවන බවට කර තිබූ ප්‍රකාශයද මේවන විට කරළියට පැමිණ තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka