gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

දකුණු කොරියාවේ රාජ්‍ය  සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රෝපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

සෝල් මෙට්‍රෝපොලිටන්හි නගරාධිපති පාක් වොන්සූන් මහතාගේ නිල
කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී ජනාධිපතිවරයා වෙත එම ගෞරවනීය පුරවැසිභාවය පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුළ පවත්නා නොපසුබට උත්සාහය පිළිබඳ තමන් ආකර්ෂණීය වී ඇති බව සෝල් මෙට්‍රෝපොලිටන් නගරාධිපතිවරයා එහිදි සදහන් කර ඇත.

ඊට ගෞරවයක් වශයෙන් සහ සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙම ගෞරවනීය පුරවැසිභාවය පිරිනමන බව පාක් වොන් සූන් පවසා ඇත.  මේ අතර ඩිජිටල් ඉලෙට්‍රෝනික පද්ධතියක් හරහා සෝල් මෙට්‍රෝපොලිටන් නගරය දැක බලා ගැනිම සඳහා ද එක්වු ජනාධිපතිවරයා කොළඹ නගර සැලැස්මේ දී එම අත්දැකීම් උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව එහිදි ප්‍රකාශ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka