gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ දිනකට පවුල් 300ක් දික්කසාද වෙනවා!

දිනකදී ලංකාවේ විවාහක පවුල් 300ක් පමණ දික්කාසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනීයන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින්
මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂවරිය, “ශ්‍රී ලංකාවේ විවාහක පවුල් වෙන්වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩි වෙනවා. දැන් මෙය දිනකට 300ක් පමණ ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරනවා. ලංකාව වැනි කුඩා රටකට මෙය ඉතා විශාල අගයක්. මෙයට බොහෝ හේතු බලපානවා.

ප්‍රධානම හේතුව ලෙස සොයාගෙන ඇත්තේ සම වයස් සහ අඩු වයස් විවාහ බහුලව සිදුවීම. අඩු වයසින් විවාහ වුණාම ජීවිත අත්දැකීම් අඩුයි. මේ වයස්වලදී ක්ෂණික තීරණ ගන්න බොහෝවිට පෙළඹෙනවා. හදිසි කෝපයට පත්වෙනවා. හදිසි තීරණ අරගෙන වෙන් වෙනවා” යැයි පවසා සිටියාය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka