gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධර්මදාස වල්පොළ සලකුණු කැලණිය ප්‍රාදේශීය සභාව මකයි !

මෙරටින් බිහිවූ ප්‍රවීන ගායකයකු වන ධර්මදාස වල්පොළ මහතාගේ සුප්‍රසිද්ධ ගීතයක් වන “අරලිය මල් අතු අඟ රැගුම්පානවා” ගීතය නිර්මාණය කිරීමට නිමිත්ත වූ අරලිය ගස කැළණිය ප්‍රාදේශීය සභාව විසින් කපා දමා තිබේ.

අදාළ ගස ඒ මහතා ගේ කැලණියේ පිහිටි නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබූවකි.

සපරමාදු පෙදෙස කොන්ක්‍රීට් කිරීමට යාමේදී මේ ගස කපා දමා ඇත්තේ සපරමාදු කෙනෙකුගේ උවමනාවට බව ප්‍රදේශවාසීහු කියති.

එය වසර 100කට අධික කාලයක් පැවැති එකකි.

මෙය කපා දැමීමට පැමිණ සිටි පුද්ගලයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මහින්ද සපරමාදු නැමැත්තෙක් මේ ගස කැපීමට තමාට මුදල් දුන් බවත් තමා ප්‍රාදේශීය සභාවේ සේවකයකුද නොවන බවයි.



ධර්මදාස වල්පොළ සලකුණු කැලණිය ප්‍රාදේශීය සභාව මකයි from SRI LANKA MIRROR on Vimeo.

එම ගසෙහි ඇති ඓතිහාසික වැදගත්කම හේතුවෙන් සපරමාදු පෙදෙසේ අයිනක වූ මේ ගස කැලණිය ප්‍රාදේශීය සභාව පසුගිය කාලයේදී ආරක්ෂා කළ බවද පැවසේ.

මේවන විට කැලණිය ප්‍රාදේශීය සභාව පාලනය වන්නේ ලේකම්වරයකු වන කපිල කුමාර යටතේ වන අතර ඔහුට කැලණිය ගැන අවබොධයක් නොමැත්තෙකු බවද පැවසේ.

ඔහු හිටපු කායවර්ධන ශූරයෙකි.

මේ ගස කපාදමා ඇත්සතේ පරමාදු පෙදෙස නම් මාර්ගය ජනපතිවරයා විසින් ධර්මදාස වල්පොළ මාවත ලෙස නම් කිරීමට අදාළ අංශවෙත දන්වා තිබියදී වීමද විශේෂ සිද්ධියකි.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka