gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිමල් රත්නායක එනතුරු සම්ප්‍රේෂණ කුලුනෙන් නොබසින බව වාරියපොළ තරුණයෙකු කියයි

තමන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාට පැමිණෙන ලෙස ඉල්ලමින් ආර්.එම්.එස් හුනුකුඹුර නැමති 46 හැවිරිදි වාරියපොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු
දුරකථන සම්ප්‍රේෂණ කුළුනක් මත නැගී පසුගිය 09වනදා විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

නව නිපැයුම්කරුවෙකු වන එම තරුණයා විසින් ඉදිරිපත් කර ඇති නව නිපැයුමකට ප්‍රථමස්ථානය හිමිව ඇති අතර පසුව ඔහු නිපදවා ඇති කෘත්‍රීම පාදයක් නව නිපැයුම් තරඟයකට ඉදිරිපත් කර ඇත. ඔහු පවසන පරිදි එය ලොව මෙතෙක් නිපදවා ඇති හොඳම කෘත්‍රීම පාදයයි. එම නව නිපැයුම්කරුවන්ගේ තරඟයට සෞඛ්‍යය අංශයෙන් හතරදෙනෙකු ඉදිරිපත් වී ඇති නමුත් එම තරඟයෙන් ඔහුව ඉවත් කර වෙනත් තිදෙදෙනෙකුව තෝරාගෙන ඇත.

මෙය තමන්ට සිදුවූ අසාධාරණයක් බැවින් ඊට මැදිහත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නයක මහතාගෙන් ඉල්ලීමක් කරමින් ඔහු මෙලෙස එම කුලුනට නැග තිබේ. එම අවස්ථාවේදී සම්බන්ධීකාරකයෙකු විසින් බිමල් රත්නායක මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින්  ලබා ගත් උපදෙස් මත, ආර්.එම්.එස්  හුනුකුඹුර නැමති  තරුණයාට බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් මැදිහත්වන බව පැවසීමෙන් පසු ඔහු එම කුලුනෙන් බැස තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka