gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝසියස්ගේ පෙත්සම ඉවතට

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් තම ව්‍යාපාරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර ඇති නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) තීරණය කරන ලදී. මෙම තීන්දුව ලබා දුන්නේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්,
බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසිනි.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තම ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම හේතුවෙන් තම මූලික අයිතීන් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට සිය පෙත්සම මඟින් ප්‍රකාශ කළ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය එම තහනම් නියෝගය අහෝසි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව අදාල පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවට තීරණය කළ විනිසුරු මඬුල්ල විසින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.

- රංජිත් නිශාන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka